SexEducation
ලිංගික ශක්තිය වැඩිකර ගන්න තක්කාලි ආහාරයට ගන්න
බොහෝ දෙනා තක්කාලි ආහාරයට ගන්නේ ඉතා සුළු වශයෙන් වීම කණගාටුවට කරුණක් එයට හේතුව වන්නේ තක්කාලි වල අඩංගු වන ගුණාත්මකභාවය පිළිබදව නොදැනුවත්කම නිසාවෙනි. පිරිම් පුද්ගලයන් ඉතා සුබ ආරංචියක් වන්නේ තක්කාලි වල අඩංගුවන හෝමෝන වර්ධනය කිරීමේ හැකියවයි. තක්කාලි කෑමෙන් දරු ඵල නොමැති පිරිමින්ට දරුඵල ලබාගැනීමේ හැකියාව වැඩිවන බව නවතම පර්යේෂණකින් තහවුරු කැරගෙන ඇත. පර්යේෂකයන් පවසන්නේ තක්කාලිවල ඇති ප්‍රධාන පෝෂ්‍යදායී සංඝටකය වන ලිකොපේන් මගින් පිරිමින්ගේ ශුක්‍රානු සංඛ්‍යා 70්‍ර ගුණයක් දක්වා වැඩිකිරීමට හේතුවන බවයි. එම පරියේෂකයන් මින් පෙර සිදුකරන ලද අධ්‍යයන 12 ක දත්ත ද සමාලෝචනය කර තිබීම විශේෂත්වයකි. ඔවුන් පවසන්නේ බ්‍රිතාන්‍යයේ පමණක් විවාහ ජෝඩු හයකින් එකකට දරුඵල නොමැති බවයි. සමාජයේ බොහෝ දෙනා තුල ඇති මතයක් වන්නේ දරුඵල අහිමි වන්නේ කාන්තාවකගේ වදභාවය නිසාවෙන් බවයි. නමුත් සැබෑ තත්වය වන්නේ මින් වැඩි ප්‍රමාණයකට වගකිවයුතු වන්නේ පිරිමියා විසින් පිටකරන ශුක්‍රානු ක්‍රියාකාරීත්වයෙන් අඩුවීම බව එම පරීක්ෂකයන් සොයාගෙන තිඛෙනවා.
තක්කාලිවල අඩංගු ලයිකොපේන් මගින් ශුක්‍රානු ගණනය වැඩි දියුණු වන බවත් එහි සංසේචනය සදහා ශුක්‍රානු තරලයන් වලට පිහිනා යාමේ හැකියාව එමගින් වැඩිවන බවත් සොයාගෙන ඇත. මෙම අධ්‍යයනයේ ප්‍රධානී ක්ලෙවලන්ඞ් විශේෂඥ රෝහලේ ප්‍රජනක විද්‍යාව සම්බන්ධ වෛද්‍ය මධ්‍යස්ථානයේ අධයක්ෂ අශෝක ආගර්වල් පවසන්නේ ලයිකොපේන් වලින් පුරුෂයන්ගේ ප්‍රජනක ඉන්ද්‍රියවලට වන වැඩි ප්‍රතිලාභයක් ලැඛෙන බවයි. තවද ශුක්‍රාණු නිපදවන පුරස්ථී ග්‍රන්ථීයේ රෝගයෙන් මර්ධනය කිරීමේ හැකියාවද තක්කාලිවල ඇති බව ඔහු වැඩි දුරටත් සදහන් කර තිබේ.
wishmaya.com